විදෙස් රටවල සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

Share

ඔස්ට්‍රේලියාවේ, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ, කෙන්යාවේ සහ කටාර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයින් 376 දෙනෙකු අද (23) අලුයම දිවයිනට පැමිණ තිබේ.

ඒ අතරින් ඔස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 239 දෙනෙකු මත්තල ගුවන්තොටුපළ හරහා දිවයිනට පැමිණ ඇත.

ඊට අමතරව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට 35 දෙනෙකු, කෙන්යාවේ සිට පුද්ගලයන් 83 දෙනෙකු හා කටාර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 19 දෙනෙකු කටුනායක ගුවන්තොටුපළ හරහා දිවයිනට පැමිණ තිබේ.

Read more

Local News