උදයංග වීරතුංග කොමිසමට

Share

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ.

 

අද (24) පෙරවරු 9.30 පමණ උදයංග වීරතුංග මහතා එම කොමිසම වෙත පැමිණි බව අප වාර්තාකරු පැවසුවේය.

නීත්‍යානුකූල ආකාරයෙන් මෙරටට ගෙන්වන ලද කන්ටේනරයක් නීතිවිරෝධී බව පවසමින් අසත්‍ය සාක්ෂි ගොනු කර තමන්ට එරෙහිව නඩු පැවරූ බවට චෝදනා කරමින් අදාළ පැමිණිල්ල කොමිසම වෙත ඉදිරිපත් කර තිබේ.

අදාළ පමිණිල්ලේ සාක්ෂි විමසීම අද පළමුවරට සිදු කෙරෙන බව ජනාධිපති කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Read more

Local News