හෙරොයින් ලගතබාගත් යුවලක් පොලිස් අත්අඩංගුවට

Share

ඊයේ (25) සවස 2 ට පමණ මොරටුමුල්ල පොලීසියට ලද තොරතුරක් මත පිළියන්දල, සුවාරපොළ නිවසක මත්කුඩු ඇසුරුම් කරමින් සිටි යුවලක් හෙරොයින් ග්‍රෑම් 75 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

 

එහිදී වයස අවුරුදු 39 ක් හා 43 ක් වු මොරටුමුල්ල ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලක් අත්අඩංගුවට පත්ව තිබේ.

ඔවුන් පිළියන්දල ප්‍රදේශයේ කුලී පදනම මත රැඳී සිටින නිවසේ සිට හෙරොයින් ජාවාරම සිදුකර ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරුවන් අද (26) කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මොරටුමුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News