රෝග රැසකට ගුණය දෙන දේශීය හෙළ ඔසු කිහිපයක්

Share

රෝග රැසකට ගුණය ලඟා කර දෙනු ලබන දේශීය හෙළ ඔසු කිහිපයක් මෙන්න.

හාතවාරිය

ඹෟෂධ වශයෙන් හා ආහාර වශයෙන් ගනු ලබයි. හාතවාරිය වල ඹෟෂධීය ගුණය වන්නේ මෙය උෂ්ණයි, ආහාර රුචිය ඇති කරයි, දිරවීම පහසු කරයි, ශරීර විස නසයි. රසවත් කැඳ වර්ගයක් වන මින් ශරීර ශක්තිය වැඩිකරවයි.

ඉඟුරු

ඉඟුරු වල පෙනුම මදක් රළු ස්වභාවයක් පෙන්නුමු කරයි. සෙම්ප්‍රතිශ්‍යාවට, උණට, කැස්සට, මල බද්දයට, බඩ කැක්කුමට ගුණ ලබා දෙයි. ආහාර දිරවන ඹෟෂධයක් ලෙස ද සැලකේ. තව ද ඉඟුරු සතුව සෙම් රුදා ආදිය නැසීමේ ගුණය ද පවතී. ඉඟුරුවලින් සිරුරේ අධික සීනි මට්ටම පාලනය කරයි. ජීර්ණයට ද බලපෑම් කර, ආමාෂය සුවපත් කරවයි. ඉඟුරු මඟින් ගර්භණී සමයේ දී මෙන් ම වෙනත් රෝග තත්ත්වවලදී ඇතිවන වමනය සමනය කරවයි.

අනෝදා

අනෝදා කොළ දිගින් අඟල් තුනක් පමණ ද පළලින් අඟල් දෙකාමාරක් පමණ ද වෙයි. අනොදා කටු සහිත පෙනුමක් ගෙන දෙන රසයත් පළතුරක්. මෙහි ඹෟෂධීය ගුණය වශායන් උෂ්ණයි, වා, සෙම් නසයි, ඉදිමුම් රුදා නසයි.

කොත්තමල්ලී

කොත්තමල්ලී කියන්නේ ප්‍රධාන වශයන් බොහෝ අවස්තාවන් වලදී යොදා ගනු ලබන ඹෟෂධීය ගුණයෙන් යුතු ඹෟෂධයක්. ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළින්ම ඇති ඖෂධයක් වන කොත්තමල්ලි  අමු ශාකය කොටා ලබා ගන්නා යුෂ සමේ වියළි බව දුරු කර සම ප්‍රසන්න පෙනුමකින් තබා ගැනිමට උපකාරි වේ. අක්මාවේ පිත නිපදවිමේ ක්‍රියාවලිය නිසි පරිදි ඉටු කිරිමට උපකාරි වන කොත්තමල්ලි මේද පරිවෘත්ති ක්‍රියාවලිය යහපත් පරිදි සිදු කරයි. කොත්තමල්ලී වලින් කෑම රුචිය ඇති කරයි, ගින්න දවාලයි. බඩපුරවා දැමිම, ඔක්කාර ඇති විටත්, අර්ශස් රෝගින්ටත්, පාණ්ඩු  රෝගයෙන් පෙළෙන්නන්ටත් මෙම ඹෟෂධය කදිමයි.

කහ

විෂබිජ නාශක ගුණයෙන් ඉහළ සම පැහැපත් කිරිම සඳහා භාවිතා කරනා කහ, ආයුර්වේදයේ ඖෂධයක් ලෙස මෙන්ම ආහාර වශයෙන් ගන්නා කුළු බඩු අතර ඉහළ වටිනාකමක් ඇති ශාක විශේෂයකි. වාතය සමනයට ගුණදායක කහ ඖෂධය, පිත වර්ධනය කිරිමකින් යුක්ත වන බැවින්  ග්‍රැස්ට්‍රයිටීස් රෝගින්ට සහ පිත්තාශයේ ගල් ඇති විටද කහ භාවිතය සිමා කිරිම රෝගි තත්ත්වයට ගුණදායකය. රුධිරයේ සුදු සෛල වැඩි කිරිමේ ගුණයකින් යුතු කහ, ඇදුම රෝගින්ට  මී පැණි සමඟ මිශ්‍රකර ගැනිම ද යෝග්‍යය වේ.

වැල් පෙනෙල

දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව සම්පූර්ණ පෙනෙල පැළෑටියම ඖෂධ පිණිස ගන්නවා. මුත්‍රාකාරකයක්‌ වන වැල් පෙනෙල ස්‌නායු රෝග සඳහා කරන ප්‍රතිකාරවල දී ද යොදා ගැනේ. කැඩුම් බිඳුම් වෙදකමේ දී බිඳුණු අස්‌ථි සකස්‌ කිරීම සඳහා වැල් පෙනෙල භාවිත කරනවා. උදෑසන ආහාරයට වැල් පෙනෙල කැඳ ගැනීම ශරීර ශක්‌තිය වර්ධනයටත් ස්‌නායු වර්ධනයටත් හේතුවක්.

Read more

Local News