උමාඔය ඉදිකිරීමට තවත් ඉරාන ජාතිකයින් 100ක් දිවයිනට

Share

උමාඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා තවත් ඉරාන තාක්ෂණ ශිල්පීන් 100 දෙනෙකු දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

 

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය සුනිල් ද සිල්වා මහතා සඳහන් කළේ, විශේෂඥයින්, ඉංජිනේරුවන් මෙන්ම කාර්මික නිලධාරීන් එම පිරිසට අයත් බවයි.

ඉරාන ජාතිකයින් 84 දෙනෙකු මේ වනවිටත් උමාඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා එක්ව සිටී.

ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරට ළඟා වී ඇතැයි සුනිල් ද සිල්වා මහතා සඳහන් කළේ ය.

ඒ අනුව ලබන පෙබරවාරී මාසය වනවිට ඩයබරා ජලාශය සහ උමග ජලයෙන් පිරවීමට සැලසුම් කර තිබේ.

ඉන් මාස දෙකකට පමණ පසු විදුලි උත්පාදන කටයුතු පිළිබඳ අත්හදා බැලීම් ආරම්භ කිරීම සැලසුම බව ආචාර්ය සුනිල් ද සිල්වා මහතා සඳහන් කළේ ය.

ව්‍යාපෘතියෙන් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට අපේක්ෂිත විදුලි ධාරිතාව මෙගාවොට් 120 කි.

Read more

Local News