අනුරුද්ධ සම්පායෝගේ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට නියෝග

Share

හිටපු මීගමුව බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතා විසින් තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කර ඇත.

 

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින වැඩබලන පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ නීතිපතිවරයා ඇතුළු පාර්ශව වෙත ලබන සැප්තැම්බර් මස 21 වන දා මේ සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දන්වා නොතීසි නිකුත් කරන ලෙස ද අභියාචනාධිකරණය නියෝග කළේය.

තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලමින් සිය නීතිඥවරු ඇප අයදුම් පත්‍රයක් ඉදිරිපත් කළ ද එය ප්‍රතික්ෂේප කිරීමට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇතැයි පෙත්සම්කාර සම්පායෝ මහතා පෙන්වා දෙයි.

ඒ අනුව තමන්ව ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කරමින් මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන නියෝගය ප්‍රතිශෝධනය කර තමන්ම ඇප මත මුදා හරින ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ඔහු අභියාචනාධිකරණය වෙත මෙම ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

Read more

Local News