බදු පනත රටේ අවශ්‍යතාවය අනුව සකස් කළ දේශීය සැළැස්මක්- මුදල් අමාත්‍ය

Share

රටේ ආදායම වැඩි කිරීම කාලෝචිත අවශ්‍යතාවක් බවත් ආදයම් බදු සම්බන්ධයෙන් නව පනතක් ඉදිරිපත් කිරීමට හැකිවීම ගැන සතුටු වන බවත් රටකට ආදරය නම් තමන්ට හැකි තරමින් ආදායම් බද්දක් ගෙවන්න අවශ්‍ය බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

දේශීය ආදායම් පනත් කෙටුම්පත විවාදය  අරඹමින් අමාත්‍යවරයා අද (07) පාර්ලිමේන්තුවේ දී මෙසේ පැවසී ය

මේ පනත බොහොම සීරුවෙන් අධ්‍යයනය කර තවත් සංශෝධන එක්ක ඉදිරිපත් කරන්නේ.මෙම ඓතිහාසික පනතට සියලු දෙනාගේ පනතට සහය දෙයි කියා ප්‍රාර්ථන කරනවා. සියලු දෙනා එකතු වී රටේ ආදායම වැඩි කර නව දේශයක් ක්‍රියාවට නංවන්න හැකිවේ යැයි විශ්වාස කරනවා.

පනත ඉතාම සංකීර්ණ තත්ත්වයට පත් වී තිබුණේ. එය අවාසිදායක තත්ත්වයක්. බදු ගෙවන්නන් අධෛර්යමත්වීමෙන් රටේ ආදායම බොහෝ සේ අඩු වෙනව. බදු අක්‍රමකතා සිදුවීම වැඩි වෙනවා. බදු ක්‍රමයේ සාධරණත්ව දැඩි ලෙසඅසාධාරණයට ලක් වෙනවා.

පවත්නා සංකීර්ණ බදු රාමුව තුළ අවදානම් තත්ත්වයක් රට තිබෙන්නේ. අවම බදු ලබන රටවල් අතර ශ්‍රී ලංකාව පැමිණ තිබෙනවා. සියාට 19ක් වූ රාජ්‍ය බදු ආදායම, එය අක්ණ්ඩව පහල වැටිලා සියයට 10%ට අඩු වුණා. පසුගිය අවුරුදු දෙකේ දී යළි අදායම සියයට 15%ට වැඩි වුණා. නව බදු පනතින් එය සියයට 20% දක්වා ගෙන යන්න හැකි බව විශ්වාස කරනවා.

මේ රටේ බදු බර දරන්නේ සාමාන්‍ය මනුෂ්‍යයන් මිසක් ආදායම් ලබන අය නොවෙයි. අපි කලාපයේ අන්තිමට ඉන්නේ.මෙලෙස අපි යථාර්තය දෙස බැලිය යුතුයි.මේ රටේ පෝසත් සියයට 20% සියයට 51.9%ක් ආදායම පාලනය කරනවා. දුප්පත් පිරිස සියයට 4%යි පාලනය කරන්නේ. වක්‍ර බදු හරහා පෝසත් හා දුප්පත් උදවිය බදු එක හා සමානව ගෙවන්නේ. කෝටි ගණන් ටියුෂන් ගුරුවරු උපයනවා. චැනල් කරන දොස්තරවරු ඉන්නවා.මේ අය ගෙවන්නෙත් මහා ව්‍යාපාරිකය ගෙවන්නෙත්, දෛනික වැටුපට වැඩකරන කම්කරුවත්,දුප්පත් ජනතාව ගෙවන්නේ එක හා සමාන මුදලක්. ඒ නිසයි සෘජු ආදායම් බදු වැඩි කරන්න වැඩි කරන්න ඕන. රටකට ආදරය නම් ආදායම් බද්ධක් ගෙවන්න ඕන තමන්ට හැකි තරමින්. තමන් සංවර්ධනයේ හවුල්කරුවෙක් බව සතුටුවෙන්න ඕන.

බදු ගෙවීමට ලියාපදිංචි පුද්ගලයන් හා ආයතන අවම මට්ටමක පවතිනවා. එය රටේ සමස්ත ව්‍යාපාර අංශය හා ශ්‍රම වෙළඳපොළ හා සැසදීමේ දී ප්‍රමාණවත් නෑ. බදු ගෙවිය යුතු ගාන ගෙවන්නෙත් නෑ.අදාළ දිනයට බදු ගෙවා ඇත්තේ සියයට 30%ක් පමණයි. මෙය සෑහීමකට පත්වීමට හැකි තත්ත්වයක් නොවෙයි.බදු ගෙවීම ප්‍රමාදවීමේ රාජ්‍ය ආදයම් කළමනාකරණය ගැටළුවකට පත්වෙනවා.අපි බලාපොරොත්තු වෙනවා, යුනිවර්ෂල් ටැක්ස් ෆයිල් නම්බරයක් හඳුන්වා දෙන්න. බොහොම සරළ ක්‍රමයක්.අභිමානවත් පුරවැසියෙක් කරන්නයි බලාපොරොත්තුව. එයින් බලාපොරොත්තු වෙන්නේ නෑ, හැමෝම බදු ගෙවන්න ඕන කියලා. දේශීය වශයෙන් රට සංවර්ධනය කරන්න වක්‍ර බදු අඩු කරන එකට කවුද විරුද්ධ?ඒ අඩු කිරීමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ව්‍යාපරික පරිසරය විනිවිදභාවයෙන් පවත්වාගෙන යෑමයි බලාපොරොත්තු වෙන්නේ. ඉන් මහජනතාවගේ වක්‍ර බදු අවම වෙනවා.  මෙය අයි එම් එෆ් නොවේ. මෙය රටේ වුවමනාව බලලා, රටේ ප්‍රපාතය බලා සිදු කළ දේශීය සැළැස්මක් සකස් කර තිබෙන්නේ. රුපියල් ලක්ෂයට වඩා ආදායම් ලබන අය මේ බද්දෙන් නිදහස් වෙනවා.බදු පහැර හැරීම සම්බන්ධයෙන් නව පනත මඟින් නීති ගෙන එනවා. ජ්‍යේෂ්ඨ පුරවැසි පොළී ආදායම අඩු කර තිබෙනවා. හඳුනාගත් ක්ෂේත්‍ර ගණනාවකට බදු සහන ලබාදී තිබෙනවා. පහළ හා මධ්‍යම පාන්තිකයන්ට ආදායම් බදු බර පටවන පනතක් නොවේ මෙය ඉතා සාධරණ පනතක් බවද අමාත්‍යවරයා පැවසී ය.

Read 9 times

Read more

Local News