නීතිවිරෝධීව මෙරටට කහ ගෙනා 6 දෙනෙක් අත්අඩංගුවට

Share

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස මෙරටට කහ රැගෙන ඒමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් හය දෙනෙකු කල්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

නාවික හමුදාව විසින් සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ බවට සැක කෙරෙන කහ කිලෝග්‍රෑම් 1400ක පමණ ප්‍රමාණයක් සොයාගෙන ඇති බව සදහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(30) පුත්තලම මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය සඳහන් කළේ.

Read more

Local News