ජනපති මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමිපාණන්ගේ දේහයට අවසන් ගෞරව දක්වයි

Share

මෑත යුගයේ ශ්‍රී ලංකාවේ බිහි වූ විශිෂ්ටතම සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, ඛෙල්ලන්විල රජමහා විහාරාධිකාරී අපවත් වී වදාළ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දක්වයි.

උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති ඛෙල්ලන්විල රජමහා විහාරස්ථානය වෙත ඊයේ (04) දහවල් ගිය ජනාධිපතිතුමා ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වූ අතර විහාරස්ථ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා වෙතත්, විහාරස්ථ දායක සභාව වෙත මෙන්ම උන්වහන්සේගේ අපවත්වීමෙන් සංවේගයට පත් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව වෙත සිය සාතිශය සංවේගය පළකළේය.

Read more

Local News