පොලීසියේ තවත් විශේෂ ක්‍රියාන්විතයක්

Share

2019 සහ 2020 වසරවලදී බස්නාහිර පළාත තුළ සොරකම් කරන ලද ත්‍රිරෝද රථ සහ යතුරු පැදි සොයා පොලීසිය විශේෂ ක්‍රියාන්විතයක් ආරම්භ කර ඇත.

 

එලෙස සොරකම් කරන ලද වාහනවල ස්වරූපය සහ පැහැය වෙනස් කර ව්‍යාජ ලිපි ලේඛන සකසා ඒවා විවිධ පුද්ගලයින් වෙත විකුණා ඇති බවට තොරුතුරු ලැබී ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

එවැනි අපරාධකරුවෙකුට හසුවී ඇත්නම්, හෝ වාහනය පිළිබඳ සැකයක් පවතී නම්, පහත අංක අමතා ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස පොලීසිය වාහන හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටියි.

071- 8591727 – අධ්‍යක්ෂ / කොළඹ අපරාධ කොට්ඨාසය
071-8592167 – අධ්‍යක්ෂ / බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසය
071- 8592279 – අධ්‍යක්ෂ / බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය
0777-128128/011-2013060 – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත් කාර්යාලය

සිය ත්‍රිරෝද රථයේ හෝ යතුරු පැදියේ නිත්‍යනුකූලභාවය තහවුරු කර ගැනීම වාහන හිමිකරුවන්ගේ වගකීමක් බව පවසන පොලීසිය අවධාරණය කර සිටින්නේ, සොරකම් කරන ලද යතුරුපැදියක් හෝ ත්‍රිරෝද රථයක් දැන හෝ නොදැන භාවිත කිරීම අපරාධමය වරදක් බවයි.

Read more

Local News