නිකල් ගබඩා කරගන්නා සුපිරි ශාක ගැන ඔබ දන්නවා ද ?

Share

ස්වාභාවිකවම නිකල් විශාල ප්‍රමාණයක් ඇති දුර්ලභ හා වටිනා ශාක ඉන්දුනීසියාවේ වනාන්තරවල සැඟවී ඇතැයි අතීතයේ සිටම ජනතාව අතර ප්‍රචලිත කතාවක් පවතිනවා. නමුත් ඒවා හරසුන් කතා ලෙස බැහැර කිරීමට වඩා ඒවා පිළිබඳව සත්‍ය අසත්‍යතාව සොයා බැලීම සිදු කල යුතුය.

 

මීට වසර 16 කට පෙර ඉන්දුනීසියාවේ දුපතක පිහිටි කුඩා පතල් නගරයක් වන සෝරෝවාකෝ ගවේෂණ කණ්ඩායමක් විසින් ගවේෂණය කර තිබුණා. සෝරෝවාකෝ වරෙක ශාකවල විවිධත්වයේ නිවහනක් වූ අතර ඒවායින් බොහොමයක් ශාක වෙනත් ස්ථානවල දක්නට නොලැබුණි. නමුත් පසුව මෙම කුඩා නගරය ලෝකයේ විශාලතම නිකල් කැණීමේ මධ්‍යස්ථානයක් බවට පත්විය. මෙමගින් ලබාදෙන නිකල් ප්‍රමාණය ගෝලීය නිකල් සැපයුමෙන් 5% ක් බව සැලකේ.

තඩුලකෝ විශ්ව විද්‍යාලයේ පාංශු ජීව විද්‍යාඥයෙකු හා කථිකාචාර්යවරයකු වන ටෝවා 2004 දී සෝරෝවාකෝ වෙත පැමිණෙන විට, සශ්‍රීක වෘක්ෂලතාදිය බොහොමයක් පතල් කැණීම සඳහා ඉවත් කර තිබූ අතර, නිසරු පස් හා දූවිලි සහිත මාර්ග පමණක් එහි ඉතිරි වී තිබුණා.

නමුත් සමහර පඳුරු හා ගස් නොනැසී පැවතුනි. මේ ඉතිරිව ඇති ශාක අතරින් දුර්ලභ ශාක සොයා ගැනීමට මහත් උනන්දුවෙන් මෙම පරීක්ෂක කණ්ඩායම කටයුතු කරන ලදී. මෙම ශාක “සුපිරි පැලෑටි” විය හැකි අතර පසෙන් ඉහළ නිකල් ප්‍රමාණයක් ගෙන එය පුදුම සහගත ලෙස ගබඩා කර තබා ගැනීමේ හැකියාව ඇති බවට නිගමනය කරන ලදී.

මෙසේ සොයා ගන්නා ලද නිකල් අන්තර්ගත පැලෑටි ලෝහයේ විකල්ප ප්‍රභවයක් සැපයීම සඳහා “පතල්” කළ හැකි අතර, පරිසර පද්ධතිය විනාශ නොකර නිකල් අස්වැන්න නෙළා ගත හැකි අයුරින් භාවිතයට ගැනීම පරීක්ෂකවරුන්ගේ මතය විය.

මෙම පැල විශේෂය නිකල් හයිපර්-ඇකියුමුලේටර් ලෙස හැඳින්වෙන අතර මෙහි වියළි කොළ ග්‍රෑම් 1 කට අවම වශයෙන් මයික්‍රො ග්‍රෑම් 1,000 ක නිකල් සාන්ද්‍රණය කළ හැකි බව සොයාගෙන තිබෙනවා.

සෝරෝවාකෝ වලින් හමුවූ බොහෝ ශාක සමහර වැදගත් එන්සයිම සක්‍රීය කිරීම සඳහා ඉතා කුඩා ලෝහ ප්‍රමාණයක් ඇද ගන්නා අතර ශාක සපුෂ්පක ක්‍රියාවලිය සක්‍රීය කිරීමට නිකල් අවශ්‍ය බව තහවුරු වී තිබෙනවා. වැඩිදුර පරීක්ෂණ මගින් සොයාගෙන ඇත්තේ ප්‍රධාන වශයෙන් මෙම ශාක ඔවුන්ගේ රිකිලි, කොළ, මුල් හෝ යුෂ වල නිකල් ගබඩා කර තබා ගන්නා බවයි.

කුතුහලය දනවන කරුණ නම්, මෙම ශාක වලින් ඉතා ස්වල්පයක් ඉන්දුනීසියාවේ සොයාගෙන ඇති අතර එය ලෝකයේ වඩාත්ම ජෛව විවිධ කලාපවලින් එකකි. එමෙන්ම ලෝකයේ විශාලතම නිකල් නිධිය ද පිහිටා ඇත්තේ ඉන්දුනීසියාවේය.

මුලාශ්‍රය – BBC

Read more

Local News