මුහුණු ආවරණ පැළඳීමෙන් ඇති වන කුරුලෑ

Share

ලොවපුරා ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ කොරෝනා වෛරසය නිසා මේ වන විට අප බොහෝ දෙනෙකුට, මුහුණු ආවරණ එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් වී ඇත.

 

නමුත් නිතිපතා මුහුණු ආවරණ පැළඳීමෙන් කුරුලෑ වැනි අතුරු ආබාධ ඇති විය හැකිය. ‘මාස්ක්නේ’ යන නමින් මෙම කුරුලෑ හඳුන්වයි.

තර්කයක් නැහැ. මාස්ක්නේ ඇත්තටම තියෙනවා, යේල් වෛද්‍ය විද්‍යාලයේ චර්ම රෝග පිළිබඳ මහාචාර්යවරු පවසයි.

අනවශ්‍ය ලප ඇති ඕනෑම කෙනෙකුට ලැබෙන අනුකම්පාවත් සමග කලකිරීමට පත් වීම දක්වා මෙම තත්වය බලපෑ හැකිය.

මාස්ක්නේ ඇති වීමට හේතුව 

“මුහුණු ආවරණය අපේ සමේ නිරන්තරයෙන් ඇතිල්ලෙමින් තිබීමත් සමග සම ඉතා සියුම් ලෙස පළුදු කරනවා. ඒ අතරින් බැක්ටීරියා සහ කුණු සමේ සිදුරු තුළට ඇතුළු වෙනවා,” චර්ම රෝග විශේෂඥ ඇන්ජලින් යොං පැවසීය.

Coronavirus

එමෙන්ම, ඔබේ මුහුණු ආවරණය යට තෙත ගතියක් පවතී.

“මුහුණු ආවරණයක් යට හුස්ම ගැනීම නිසා උණුසුම් හා තෙතමනය සහිත පරිසරයක් නිර්මාණය කරනවා. එයින් දහඩිය, තෙල් සහ බැක්ටීරියා ගොඩනැගීමට මග පාදනවා. මුහුණු ආවරණ ස්වභාවයෙන්ම දේවල් අවහිර කිරීමට නිර්මාණය කර ඇති නිසා එය සමේ රෝග සඳහා සඳහා වට්ටෝරුවක් බවට පත් වෙලා,” සිංගප්පූරුවේ සේවය කරන කරන වෛද්‍ය ඇන්ජලින් යොං පවසයි.

මාස්ක්නේවලට එරෙහිව සටන් කළ හැකි එක් ක්‍රමයක් වන්නේ “ඉතා තද සම රැකවරණ ක්‍රීම් ආලේපනය කිරීමෙන් වැළකී සිටීමෙන්” බව වෛද්‍ය යොං පවසයි.

“මුහුණු ආවරණයට යටින් වඩා සැහැල්ලු ජලය මත පදනම් වූ නිෂ්පාදන තෝරා ගන්නා ලෙස මම නිතරම මගේ රෝගීන්ට පවසනවා… සැහැල්ලු මොයිස්චරයිසර් ද අතිරේක ආරක්ෂිත බාධකයක් ලෙස ක්‍රියා කර පළුදු වීම වළක්වා ගන්න පුළුවන්,” යැයි ඇය පැවසීය.

සම රැකවරණ නිෂ්පාදන සමාගම් මේ වන විටත් මාස්ක්නේ ඇතිවීම හඳුනාගෙන තිබීම පුදුමයට කරුණක් නොවන්නේය.

ජනප්‍රිය කොරියානු සම ආරක්ෂණ සන්නාමයක් වන Dr Jart දැන් එහි වෙබ් අඩවියේ “මාස්ක්නේ සඳහා අත්‍යවශ්‍ය දේ” යනුවෙන් විශේෂ කොටසක් වෙන්කර තිබේ.

“ඒ අතර, ෆේෂල් මුහුණු ආවරණ” සහ “කැළැල් මැකීමේ පැච්” වැනි නිෂ්පාදන එහි දැකිය හැකිය.

Coronavirus
“ගැඹුරු පිරිසිදු කිරීමේ නිෂ්පාදන අලෙවි වීම දැඩි ලෙස වැඩිවීමක්”

රූපලාවණ්‍ය ලෝකයේ දැවැන්තයෙකු වන L’Oréal සමාගමට අනුව, පසුගිය මාස කීපය තුළ “ගැඹුරු පිරිසිදු කිරීමේ නිෂ්පාදන අලෙවි වීම දැඩි ලෙස වැඩිවීමක්” දක්නට ලැබී ඇත.

L’Oréal ආයතනයේ ආසියා පැසිෆික් කලාපයේ විධායක උප සභාපති ජොශෙන් සොම්සෙයිල් පැවසුවේ ජනප්‍රිය සම ආරක්ෂණ වෙළඳ නාම වන La Roche-Posay සහ CeraVe සමාගම්වල ගැඹුරු පිරිසිදු කිරීමේ නිෂ්පාදන අලෙවිය මෑතකදී “විශාල ලෙස වැඩි වී” ඇති බවය.

ආසියා-පැසිෆික් කලාපය තුළ, පිරිසිදු කිරීමේ නිෂ්පාදනවල වැඩිවීමට හේතු වී ඇත්තේ තෙල් සහිත සම සහ කුරුලෑ වැනි මුහුණු ආවරණ ආශ්‍රිත ගැටළු මෙන්ම කෝවිඩ් -19 නිසා සනීපාරක්ෂක පුරුදු අනුගමනය කිරීමට පෙළඹීමත් සමගය.

“සම ආරක්ෂණ නිෂ්පාදන සෑම විටම අපගේ අංක එකේ ආදායම් මාර්ගයයි. නමුත් ඇත්ත වශයෙන්ම වසංගත තත්වය තුළ එය තවදුරටත් ඉදිරියට ගිහින් තිබෙනවා,” යැයි ජොශෙන් සොම්සෙයිල් පැවසීය.

සම රැකවරණය වේගයෙන් වර්ධනය වන අතර, වැඩි පිරිසක් නිවසේ සිට රැකියාවේ නිරත වීම සහ පිටතට යාමෙන් වැළකී සිටීමත් සමග මුහුණු ආලේපන (makeup) කර්මාන්තයට බලපෑම් එල්ල වී ඇත.

ජීවිතය යථා තත්ත්වයට පත්වීමත්, ව්‍යාපාර නැවත විවෘත වීමට පටන් ගැනීමත්, වැඩි පිරිසක් රැකියාවට යාමත් සමඟ මුහුණු ආලේපන සඳහා ඇති ඉල්ලුම යළිත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ජොශෙන් සොම්සෙයිල් පැවසීය.

වෛරසය සමඟ සාර්ථකව කටයුතු කිරීමේදී ලෝකයේ බොහෝ රටවලට වඩා මාස කීපයක් ඉදිරියෙන් සිටින චීනයේ තත්වය L’Oréal සමාගම පැහැදිලි කළේය.

2020 පෙබරවාරි මාසයේදී චීන කාන්තාවන්ගෙන් 34% ක් පමණ මුහුණු ආලේපන භාවිත කළ බව සොයාගෙන ඇත. නමුත් මෙම තත්වය ජුනි අග සිට ජූලි මුල දක්වා 68% දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේවෙතත්, L’Oréal පවසන්නේ මිනිසුන්ගේ මුහුණු ආවරණ වලට වඩා ඉහළින් පෙනෙන ප්‍රදේශවලට අදාළ නිෂ්පාදන සඳහා නිරන්තර ඉල්ලුමක් පවතින බවය.

Coronavirus

මුහුණු ආවරණවල නොතැරවෙන දීර්ඝ කාලයක් පවතින තොල් ආලේපන මෙන්ම සැහැල්ලු නිෂ්පාදන ජනප්‍රිය වී තිබේ.

යූ ටියුබ්හි රූපලාවණ්‍ය ක්‍ෂේත්‍රය පුරා මෙම ප්‍රවණතාව දෝංකාර දී ඇති අතර, ව්ලොග් සටහන්කරුවන් බොහෝ දෙනෙක් මුහුණු ආවරණ හිතකාමී රූපලාවණ්‍ය වීඩියෝ සාදමින් සිටිති.

මුහුණු ආලේපන වැඩි ප්‍රමාණයක් සහිත පෙනුම දැන් වියැකී ගොස් ඇති අතර,ඒ වෙනුවට ඇස් අලංකාර කිරීම සිදුවෙමින් පවතී.

“ඔබේ මුහුණෙන් අඩක් ආවරණය වන යමක් ඔබ සතුව ඇති නිසා ඔබ දැන් වැඩි අවධානයක් යොමු කරන්නේ ඇහි බැම සහ ඇහැ පියට. මම ඇත්තෙන්ම විශාල ඇහි බැමකට හා තද පැහැති වර්ණවත් ඇහි පියකට කැමතියි. එයින් මාව කැපී පෙනෙනවා,” යැයි  ඇතැම් පිරිස් සදහන් කරයි.

Read more

Local News