වන සංරක්ෂණ අමාත්‍යවරයාගේ නියෝගය

Share

ඊයේ පස්වරුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ඇලහැර -ගිරිතලේ අභය භූමියේ නීතීවිරෝධී වන විනාශය වහාම නවත්වන ලෙස වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක මහතා නියෝග කර ඇත.

 

වනජීවී දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එන්.කේ.එස්.චන්ද්‍රරත්න මහතා පැවසුවේ තම නිලධාරීන් කළ පැමිණිල්ලකට අනුව අමාත්‍යවරයා පැමිණ වන විනාශය සියැසින් දැක මෙම නියෝගය නිකුත් කළ බවයි.

අක්කර 150 කට අධික බිම් ප්‍රමාණයක් එලෙස නීති විරෝධී ලෙස එළිපෙහෙළි කර ඇති බවත් මේ පිළිබඳව ලබන 10 වැනිදාට පෙර වාර්තාවක් ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා එහිදී නියෝග කළ බව පොළොන්නරුව සහකාර වනජීවි අධ්‍යක්ෂ ඩබ්ලිව්.එන්.කේ.එස්.චන්ද්‍රරත්න මහතා පැවසී ය.

2000 වසරේදී අභය භූමියක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් මෙය වස්ගමුවේ සිට මින්නේරිය වනෝද්‍යාන දක්වා වනඅලි ගමන් ගන්නා මාර්ගයක් ද පිහිටි ප්‍රදේශයකි.

Read more

Local News