මීතොටමුල්ලේ කසළ කන්දේ හානිය සොයා බැලීමේ ජනාධිපති විමර්ශන කමිටුවේ අවසන් වාර්තාව ජනපතිට

Share

කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ කසළ කන්ද කඩා වැටීම නිසා සිදුවූ හානිය පිළිබද සොයා බැලීමේ ජනාධිපති විමර්ශන කමිටුවේ අවසන් වාර්තාව එම කමිටුවේ සභාපති විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු ආචාර්ය චන්ද්‍රදාස නානායක්කාර මහතා විසින් ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිිරිසේන මැතිතුමා වෙත භාරදෙනු ලැබීය.

මීතොටමුල්ල කසළ බැහැර කිරීම පිළිබද කෙටිකාලීන සහ දිගුකාලීන නිර්දේශ කමිටු වාර්තාව තුළ ඉදිරිපත් කර තිඛෙන අතර බස්නාහිර පළාත තුළ කසළ බැහැර කිරීමේ කටයුතු කළමනාකරණය සදහා මධ්‍ය ආයතනයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම ද පෙන්වා දී තිබේ.

එමෙන්ම කසළ දාහක ඉදිකිරීමේ වැදගත්කම පිිළිබදව ද කරුණු සදහන් කර තිබෙන අතර මෙම කමිටු වාර්තාවට අනුව අදාළ නිර්දේශ සහ යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා ඉදිරියේදී අදාළ අමාත්‍යාංශ හා ආයතන වෙත උපදෙස් ලබාදෙන බව ජනාධිපතිතුමා පැවසීය.

කොළොන්නාව, මීතොටමුල්ල කසළ බැහැරකිරීමේ කටයුතු සදහා බාහිර ආයතන වෙත ගෙවා ඇති මුදල් 2015 සහ 2016 වසර තුළ අසාමාන්‍ය අයුරින් වර්ධනය වී ඇති බව කමිටු වාර්තාව පෙන්වා දෙයි.

Read more

Local News