ඡන්ද මධ්‍යස්ථානවලට බීමත්ව පැමිණෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය – පොලිසීය

Share

පොලීසිය පවසන්නේ ඡන්ද මධ්‍යස්ථානවලට බීමත්ව පුද්ගලයන් පැමිණියහොත් එම අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත්, මේ සම්බන්ධයෙන් සියලු පොලිස් ස්ථාන දැනුවත් කර තිබෙන බවයි.

මෙවැනි පුද්ගලයෙකු ඡන්ද මධ්‍යස්ථානයට හෝ ගණන් කිරීමේ මධ්‍යස්ථානයකට අපේක්ෂකයකු විසින් රැගෙන එන්නේ නම් එම අපේක්ෂකයන්ට එරෙහිව අනුබල දීමේ වරදට නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

පොලිසිය පවසන්නේ මෙවැනි වරදකට යම් අපේක්ෂකයකු වැරදිකරුවෙකු වුවහොත් ආසනය දිනා සිටිය ද පසුව ආසනය අහිමි වීමට ඉඩ ඇති බවය.

මේ සම්බන්ධයෙන් පොලීසිය නීතිය ක්‍රියාත්මක කරන බවත් දැඩි විමසිල්ලෙන් සිටින බවත් වීමත්ව ඡන්ද මධ්‍යස්ථානය වෙත හෝ ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත පැමිණීම සපුරා තහනම් බවද පොලීසිය නිවේදනය කරයි.

Read more

Local News