දුම්රිය හා බස් රථවල දෛනික ආදායම සීඝ්‍රයෙන් පහළට

Share

දුම්රිය හා බස් රථවල ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් අඩුවී ඇති බව ප්‍රවාහන බලධාරීන් සදහන් කරයි.

 

දුම්රිය දෙපාර්තමේන්තුවේ දෛනික ආදායම රුපියල් ලක්ෂ 190 සිට රුපියල් ලක්ෂ 140 ක් දක්වා අඩුවී ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

මගීන් නොමැති වීම හේතුවෙන් ඇතැම් දුරගමන් සේවා දුම්රිය අවලංගු කිරීමට සිදුව ඇති බවද ඒ මහතා පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච් පණ්ඩුක මහතා සඳහන් කළේ, සිය දෛනික ආදායම මිලියන 74ත් මිලියන 80ත් අතර තිබූ ආදායම මේ වනවිට මිලියන 44 දක්වා පහළ ගොස් ඇති බවයි.

පසුගිය 07 වනදා සිට මේ දක්වා කාලය තුළ රුපියල් මිලියන 210 ක අලාභයක් ගමනාගමන මණ්ඩලයට සිදුව ඇතැයි ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ ය.

ආදායම පහළ වැටීමෙන් දැඩි අර්බුදයකට පත්ව ඇත්තේ පෞද්ගලික බස් රථ සේවකයින් වන අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, පවතින තත්ත්වය යටතේ තම ආදායම පහළ වැටී ඇති බවයි.

Read more

Local News