ගම්පහ ඇඳිරිනීතිය හෙට ඉවත් කරන්නේ නෑ : හමුදාපති

Share

හෙට(26) දිනයේ ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමට තීරණය කර නොමැති බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ නිරෝධායන ඇඳිරිනීතිය පවත්වාගෙන යන අතරේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට අවශ්‍ය කටයුතු සලසාදීමට පියවර ගැනීමට නියමිත බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

දින තුනකට වඩා අඛණ්ඩව නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශ වේනම් එම ප්‍රදේශවලටත් හෙට දිනයේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීම සඳහා අවස්ථාව ලබා දෙන බව හමුදාපති පවසයි.

Read more

Local News