දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් පාසල් සිසුවෙක් ජිවිතක්ෂයට

Share

වීරකැටිය පොලිස් වසමේ මොරයාය ප්‍රදේශයේ දී ඊයේ(30) රාත්‍රීයේ දී දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් පාසල් සිසුවෙක් ඝාතනයට ලක්ව තිබේ.

 

ආරවුල දුරදිග ගොස් ඇති අතර එහිදී තියුණු ආයුධවලින් පහර දී තිබෙන බව සඳහන්.

මෙම පහර දීමෙන් 6 දෙනෙක් තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී වයස අවුරුදු 17ක් වන උසස් පෙළ හදාරමින් සිටින සිසුවෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෘත ශරීරය පිළිබඳ මුලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද(31) දින සිදුකිරීමට නියමිතයි.

වීරකැටිය පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News