කොරෝනා දෙවන රැල්ලේ රෝගීන් 9000 ඉක්මවයි

Share

අද(06) දින උදෑසන වන විට මෙරට්න් කොරෝනා රෝගීන් 383ක් හදුනාගෙන තිබේ.

 

ම්නුවන්ගොඩ ඇගළුම් කම්හලේ කොවිඩ් පොකුරේ අද උදැසන වන විට සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 9096ක් වෙයි. ඉන් පුද්ගලයින් 1041ක් අදාල ඇගළුම් කම්හලේ සේවකයන් වන අතර පැලියගොඩ මාළු වෙළදපොලෙන් පුද්ගලයින් 1007ක් සහ ඉතිරි පුද්ගලයින් 7048ක් ඒ කම්හලේ කාෙවිඩ් පොකුරට සහ මාළු වෙලදපොළේ රෝගීන්ගේ සමීප පුද්ගලයින් වෙයි.

ම්නුවන්ගොඩ ඇගළුම් කම්හලේ සේවකයින් 412ක් සහ අදාල කම්හලේ සේවකයින්ගේ සමීපතමයින් 2788ක් සම්පුර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබේ.

අද උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 01ක් සහ EY 607 දරණ මගී ගුවන් යානය මගින් දෝහා ඔස්ට්‍රිෙලියාවේ සිඩ්නි සිට පුද්ගලයින් 16ක් සහ UL 455 දරණ මගී ගුවන් යානය මගින් ජපානයේ නරීටා සිට පුද්ගලයින් 17 මෙරටට පැම්ණ තිබේ. ඒසේ පැම්ණි පුද්ගලයින් සියළු දෙනා ත්‍රිවිධ හමුදාව මගින්  පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායන කටයුතු සදහා සූදානම් කර තිබේ.

අද දිනය තුළ ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයන් 43ක් තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියම්තව ඇත.

ඒ අනුව රන්වැලි හොටෙල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 30 ක් ද

හොටෙල් ජෙට්වින් බ්ලු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 13 ක් ද වශයෙනි.

මේ අතර ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් අද දිනය වන විට පුද්ගලයින් 63644 ක් නිරෝධාන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් තිබේ.

තවද අද වන විට ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 30ක් තුළ පුද්ගලයින් 2420 ක් නිරෝධායනය වෙම්න් සිටියි.

ඊයේ(02) දිනයේ PCR පරීක්ෂණ 11316 ක් සිදු කර ඇති අතර මේ වන විට මෙරට තුල PCR පරීක්ෂණ 568774ක ප්‍රමාණයක් සිදු කර තිබේ.

අද දිනයේ උදෑසන 6.00 වන විට පුද්ගලයින් 765ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙන අතර අදාල පුද්ගලයින් 765 දෙනා අතරින් පුද්ගලයින් 01 විදේශයන් හී සිට පැමිණි අය වන අතර ඉතිරි පුද්ගලයින් 764 ම්නුවන්ගොඩ කොවිඩ් පොකුරට අයත් පුද්ගලයින් බව වාර්තා වෙයි.

Read more

Local News