ඊයේ දින හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 337ක්

Share

ඊයේ (23) දිනයේ අලුතින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 337 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

 

ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් හඳුනාගැණුනේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 189ක්.

ඊයේ දින හඳුනාගත් ආසාදිතයින්ගෙන් 335 දෙනෙකු මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර සෙසු ආසාදිතයින් දෙදෙනා විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙයි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 47ක් වාර්තා විය.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයන්ටීන් ආසාදිතයින් ගණන මේ වනවිට 20,507 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වනවිට ආසාදිතයින් 5,921 ක් පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

Read more

Local News