නාකොටික් නිලධාරීන් 13 දෙනා තවදුරටත් රිමාන්ඩ්

Share

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළේ යැයි චෝදනා මත අත්අඩංගුවට ගත් නිලධාරීන් 13 දෙනා ලබන 7 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගකර තිබේ.

සැකකරුවන්ට ඇප ලබා දීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් තිබෙන බවට විත්තියේ නීතිඥවරුන් විසින් මතු කරනු ලැබූ මූලික විරෝධතාවක් ද මහෙස්ත්‍රාත්වරයා විසින් මෙහිදී ප්‍රතික්ෂේප කළ බව අප වාර්තාකරු පැවසීය.

නඩුව ඉකුත් දින කැඳවූ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ සැකකරුවන්ට ඇප ලබාදීමට විෂද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය ආඥා පනත යටතේ මහෙස්ත්‍රාත් අධිකරණයට බලයක් තිබෙන බවය.

එම ඉල්ලීමට විරෝධය පළ කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සැකකරුවන් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග එක්ව මුහුදු මාර්ගයෙන් මෙරටට මත්ද්‍රව්‍ය රැගෙනවිත් රට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එක්ව ජාවාරම්කර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී ඇති බව අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ඔවුන් ලබන 07 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියමකර තිබේ.

Read more

Local News