48වන උදා ගම්මානය මොණරාගල දිස්ත්‍රික්කයට – ජනතා අයිතියට පැවරීම හෙට

Share

නව උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 48වන උදා ගම්මානය මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, කිතුල්කොටේ හෙළසිහගම හෙට (08) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පැවරීමට නියමිතය.
මෙය ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩසටහන යටතේ ඉදි වූ ගම්මානයකි. ගම්මානය සඳහා ආයෝජනය කර ඇති මුළු මුදල් රුපියල් මිලියන 13.49කි.
මෙම නව නිවාස ගම්මානයේ භූමි ප්‍රමාණය අක්කර 05කි. සෑම නිවසක් ම පර්චස් 20ක ගෙවත්තකින් සමන්විතය. ගම්මානය විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමකින්ද, විධිමත්ව සකස් කළ ප්‍රවේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතියකින්ද සමන්විතය.

Read more

Local News