අපවත්වී වදාළ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (08) දින රජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙයි.
ඒ අනුව ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර අද 08 දින ප.ව.1.30ට ශ්‍රී සම්බෝධි විහාරස්ථානයෙන් පිටත්වීමට නියමිතය. ආදාහන පූජෝත්සවය කොළඹ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රය අසළ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර ආදාහන පූජෝත්සවයේ කටයුතු ප.ව 2.30 ට ආරම්භ වීමට නියමිත ය.
සිය පැවැදි දිවිය සමාජ සත්කාරයටම කැප කළ පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියෝ දෙස් විදෙස් සංචාරයේ යෙදෙමින් ධර්ම ප්රචාරයේ යෙදුණ සංඝ පීතෘවරයෙකි.