Home දේශීය පුවත් පාසල් දරුවන් මුහුණ දෙන සෞඛ්‍ය ගැටලුවලින් ඔවුන් මුදාගනිමින් නිරෝගී පුරවැසියෙකු බිහිකිරීමට අවශ්‍ය විශේෂ වැඩපිළිවෙළක්

පාසල් දරුවන් මුහුණ දෙන සෞඛ්‍ය ගැටලුවලින් ඔවුන් මුදාගනිමින් නිරෝගී පුරවැසියෙකු බිහිකිරීමට අවශ්‍ය විශේෂ වැඩපිළිවෙළක්

0
පාසල් දරුවන් මුහුණ දෙන සෞඛ්‍ය ගැටලුවලින් ඔවුන් මුදාගනිමින් නිරෝගී පුරවැසියෙකු බිහිකිරීමට අවශ්‍ය විශේෂ වැඩපිළිවෙළක්

පාසල් දරුවන් මුහුණ දෙන සෞඛ්‍ය ගැටලුවලින් ඔවුන් මුදාගනිමින් නිරෝගී පුරවැසියෙකු බිහිකිරීම සඳහා අවශ්‍ය විශේෂ වැඩපිළිවෙළක් දියත් කිරීම වෙනුවෙන්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (07) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී විශේෂ රැස්වීමකට එක්වූහ.

පාසල් දරුවන් අතර පවතින පෝෂණ ගැටලු, මත් උවදුර සහ බෝ නොවන රෝග තත්ත්වයන් සහ මෙරට ජනගහණයෙන් සුළු ප්‍රතිශතයක් අතර පවත්නා තැලසීමියා රෝගී තත්ත්වයෙන් ඇතිවන බලපෑම්වලින් පාසල් ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡාවට ලක්විය.

පාසල් දරුවන්ගේ පෝෂණ ගැටලු අවම කිරීම සඳහා පාසල් ආපනශාලා සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛ තවදුරටත් ශක්තිමත් කිරීම සඳහාත් සීනි අධික ආහාර සහ පාන වර්ග මෙන්ම දරුවන් අතර ස්ථුලභාවය ඇතිවීම සඳහා බලපාන ආහාර භාවිතයෙන් ද දරුවන් ඈත් කිරීම සඳහාත් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස, අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ එක්ව දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීමට එම වැඩසටහනට නායකත්වය ලබාදීමට තමා සූදානම් බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද මෙහිදී සඳහන් කළේය.

මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චම්පිකා වික්‍රමසිංහ මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here