Home දේශීය පුවත් විදෙස් පුහුණුවට විදුහල්පතිවරු 278ක් – අධ්‍යාපන අැමති

විදෙස් පුහුණුවට විදුහල්පතිවරු 278ක් – අධ්‍යාපන අැමති

0
විදෙස් පුහුණුවට විදුහල්පතිවරු 278ක් – අධ්‍යාපන අැමති

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (8) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, පසුගිය දා පැවැත්වූ විදුහල්පති සේවයේ තෙවැනි පන්තියට බඳවා ගැනීමේ විභාගයෙන් සමත් වූ පිරිස අතරින් විදේශ පුහුණුව සඳහා තෝරාගත් සංඛ්‍යාව 278ක් බවයි.

විදුහල්පතිවරු 4000ක් බඳවාගනු ලැබුවා තුන්වන ශ්‍රේණියට. බඳවා ගැනීම සිදු කළේ කිසිම දේශපාලන බලපැමකින් තොරවයි. විභාගයේ ලකුණු මත බඳවා ගත්තා. නේවාසික පුහුණුවක් ලබාදුන්නා. විදේශීය පුහුණුවෙන් පසුව දැන් පද්ධතියට දමා තිබෙනවා. පළාත් සභා වෙත යොමු කර තිබෙනවා. ඇතැමෙක් තවමත් උපගුරුවරු වැඩ බලනවා. මේ පිළිබඳව දැනුවත් කර තිබෙනවා.

හදාරපු විෂය අනුව පමණක් ගුරුවරු බඳවගැනීම සිදු කරන්න කියල කැබිනට් පත්‍රිකාවක් යොමු කළා. අදාළ නැති වෙනත් විෂයන් වලට ගුරුවරු බඳවා ගැනීමෙන් අධ්‍යාපනයේ ගුණාත්මක බව පහළ වැටෙනවා. ගුරු තුලනය කළ හැකියි. අතිරික්ත ගුරුවරු පාසල්වල තබා ගැනීම අපරාධයක්. මෙය පළාත් මට්ටමින් සිදු කළ යුතු බවද අමත්‍යවරයා පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here