මුහුදු කූඩැල්ලන් 245 ක් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කරගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට

Share

පුත්තලම ධීවර හා ජලජ සම්පත් කාර්යාලය පැවසුවේ, මුහුදු කූඩැල්ලන් 245 ක් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කරගෙන සිටි පුද්ගලයකු කල්පිටිය සින්න කුඩිරිප්පු ධීවර තොටුපළේ දී අත්අඩංගුවට ගත් බවයි.

1996 අංක 2 දරණ ධීවර හා ජලජ සම්පත් පනතේ 61 වැනි වගන්තියට අනුව මුහුදු කූඩැල්ලන් සන්තකයේ තබා ගැනීම වරදක් වෙයි.

මෙම මුහුදු කූඩැල්ලන් චීනය, ජපානය සහ විවිධ ආසියාතික රටවලට ආනයනය කරන මිල අධික ආහාරයක් ලෙසත්, වාජීකරණ ඖෂධයක් ලෙසත් භාවිතා කරන බව පැවසේ.

Read more

Local News