භූමිතෙල් සහනාධාරය අවභාවිත කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය – අමාත්‍ය අර්ජුන රණතුංග

Share

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ, සාමාන්‍ය ජනතාවට ලබා දෙන භූමිතෙල් සහනාධාරය අවභාවිත කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සි‍රිසේන මැතිතුමා උපදෙස් දී ඇති බවයි.

එහි එක් පියවරක් ලෙස, මින් මතුවට භූමිතෙල් සහනාධාරය අවභාවිත කරන ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍රය වහාම අහෝසි කරන බවද, ඒ සඳහා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන් හා එක්ව ඉදිරිපත් කළ ඒකාබද්ධ සංදේශයට කැබිනට් මණ්ඩල‍‍යේ අනුමැතිය හිමි වූ බවද අර්ජුන රණතුංග අමාත්‍යතුමා කියා සිටියේය.

එම අනුමැතියට අනුව කිසියම් ඉන්ධන පිරවුම්හල් හිමියෙක් නීති විරෝධී ලෙස ඉන්ධන මිශ්‍ර කිරීම හෝ භූමිතෙල් සම්බන්ධ වෙනත් නීති විරෝධී කටයුත්තක් සඳහා සහාය දැක්වීමක් සිදු කොට අනාවරණය වුවහොත් ඔහුගේ පිරවුම්හල් බලපත්‍රය ‍අහෝසි කිරීම සිදු කෙරෙන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

Read more

Local News