ඇලෝසියස් හා පලිසේනට ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම සළකා බැලීම කල්යයි

Share

මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින පර්පචුවල් ට්‍රෙෂරීෂ් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ විධායක නිලධාරී කසුන් පලිසේනට ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම සළකා බැලීම ලබන 29 වැනි දා තෙක් කල් දැමීමට අභියාචනාධිකරණය අද (23) තීන්දු කළේය.

අභියාචනාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා ඉදිරියේ නඩුව කැඳැවූ අතර අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරෙස්න මහතා විනිසුරු මඩුල්ලේ නොමැති වීම හේතුවෙන් පෙත්සම කල් තැබිණි.

ඒ අනුව පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම ද එදිනට සිදු කෙරේ.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා හා මුල්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා  නම් කරනු ලැබ ඇත.

Read more

Local News