මෝටාර් බෝම්බ 12ක් යාපනයෙන් හමුවෙයි

Share

යාපනය කොඩිකාමම් මිරුසුවිල් පලෙයිවයික්කාල් ප්‍රදේශයේදී යුද සමයේදී කොටි සංවිධානය විසින් වල දමන ලද මෝටාර් බෝම්බ 12ක් ඊයේ (27) සවස ගොඩගත් බවට කොඩිකාමම් පොලීසිය පවසයි.

පලෙයිවයික්කාල් හීදී කිසියම් පිරිසක් විසින් වැලි ගොඩදැමීමට ගොස් ඇති අතර එම පිරිස් විසින් වැලි ගොඩදාන අතරවාරයේ පොළව යට තිබී මෝටාර් බොම්බ 5 ක් මතුව තිබී ඇත.

පසුව ඒ බව කොඩිකාමම් පොලීසියට දැනුම් දී ඇත.

ඒ අනුව ඊයේ දින පොලිස් විශේෂ කාර්ය බළකා සෙබලුන්ගේද සහය ඇතිව අධිකරණ නියෝගයක් මගින් එම ස්ථානයේ කරන ලද සෝදිසි කිරීම් වලදී මිලිමීටර් 81 වර්ගයේ ජීව මෝටාර් උණ්ඩ 12 ක්  සොයා ගෙන තිබේ.

Read more

Local News