ඩුබායි හි රැකියා සඳහා ගොස් සිටි ලාංකිකයන් දෙදෙනෙකු නීතිවිරෝධී ලෙස රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි සහ විස්කි බෝතල් තොගයක් සමඟ අද (28) අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි.
මේ සියල්ලේම මුළු වටිනාකම රුපියල් 25,11,000 ක් බව රේගුව පවසයි.
මොවුන්ගෙන් එක් අයෙක් 41 හැවිරිදි කොළඹ ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අනෙක් පුද්ගලයා 20 හැවිරිදි මාකොළ, සියඹලාපේ පදිංචිකරුවෙකි.




