Home දේශීය පුවත් අර්ජුන් මහේන්ද්‍රන්ව අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කරයි

අර්ජුන් මහේන්ද්‍රන්ව අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කරයි

0
අර්ජුන් මහේන්ද්‍රන්ව අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කරයි

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සභාපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට අද (29) යළි විවෘත වරෙන්තු නිකුත් කරයි.

ඔහු අත්අඩංගුවට ගැනීමට මීට පෙර ද වරෙන්තු නිකුත් කර තිබුණත් ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව රහස් පොලිසිය පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයට දැනුම් දුන්නේ මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනයක් නිකුත් කරන ලෙස ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here