පිබිදෙමු පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පොලොන්නරුව නව නගරයේ ඉදි කෙරෙමින් පවතින මහල් 05 කින් යුත් රජයේ සේවක නිල නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතුවල නියැලී සිටි කම්කරුවෙකු අද (30) එහි සිව්වැනි තට්ටුවෙන් බිමට ඇඳ වැටී බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලොන්නරුව පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ පොලොන්නරුව පදිංචි 42 හැවිරිදි ඩබ්ලිව්.එම් දයානන්ද නැමැති දෙදරු පියෙකි.
මේ පිළිබඳව පොලොන්නරුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.