Home දේශීය පුවත් ගුවන්තොටුපොල සෙවකයන්ගේ වැටුප රුපියල් 10,000 කින් ඉහළට

ගුවන්තොටුපොල සෙවකයන්ගේ වැටුප රුපියල් 10,000 කින් ඉහළට

0
ගුවන්තොටුපොල සෙවකයන්ගේ වැටුප රුපියල් 10,000 කින් ඉහළට

රුපියල් 10000ක වැටුප් වැඩිවිමක් ලබා නොදීමට එරෙහිව කටුනායක ගුවන් තොටුපොළේ සේවකයන් අද පෙරවරුවේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කළේය.

වැඩවර්ජනයක නිරත වී සිටින ගුවන්තොටුපොළ වෘත්තීය සමිති නියෝජිතයන් හා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශොක් අබේසිංහ මහතා, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ අතිරේක ලේකම් ආර්.එම්.කේ. රත්නායක හා ගුවන් තොටුපොළ පාලනාධිකාරිය අතර සාකච්ඡාවක් පැවැත්විණි.

ඒ අනුව ගුවන්තොටුපොල සෙවකයන්ගේ වැටුප රුපියල් 10,000 කින් ඉහළ නැංවීමට එහි පාලනාධිකාරය එකඟවී ඇත.

ඒ සඳහා වන ලිඛිත පොරොන්දුව ඔවුන් වෘත්තීය සමිති සාමාජිකයන් වෙත දන්වා තිබේ.

මේ සඳහා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගැනීම අද පස්වරු 6.30 න් පසුව සිදුකිරීමට නියමිතය.

ඒ අනුව ඔවුන් සිය වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව අවසන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here