ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා නන්දිමිත්ර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (ජල මානක විද්‍යා) ධම්මික විජේවර්ධන මහතා ඊයේ (03) වැඩ භාර ගන්නා ලදී.
නෞකාවේ හිටපු අණදෙන නිලධාරී කපිතාන් (අවි) නිශාන්ත පීරිස් මහතා විසින් කොළඹ ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේදී නිල වශයෙන් එතුමන් වෙත අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීමට කටයුතු කෙරිණි.
එම අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය කොමදෝරු ආනන්ද ගුරුගේ මහතා ද සහභාගී විය.