කතරගම දේවාලයක කපු මහතෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු දඩයම් කරන ලද මුවමස් කිලෝ 20ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම පුද්ගලයා ඊයේ (03) රාත්රියේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.