දඹුල්ල කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ රිය අනතුරකින් අයෙක් මරුට

Share

දඹුල්ල කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ ගොකරැල්ල තෙල් පිරවුම් හල අසලදි මාර්ගයේ ධාවනය වෙමින් තිබු වැලි ටිපර් රථයක් හා මාළු රැගෙන යමින් තිබු ලොරියක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදුවු අනතුරින් මාළු ලොරි රථයේ රියදුරු මියගොස් එහි සහයක බරපතල තුවාල ලබා ඇති බව ගොකරැල්ල පොලිසිය පවසයි.

අනතුරින් පසු ලොරි රථයේ සිරවි සිටි එහි රියදුරු හා සහයක ප‍්‍රදේශවාසින්ගේ සහය ඇතිව ගොකරැල්ල දිසා රෝහලට ඇතුළත් කිරිමෙන් පසු එහි රියදුරු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ මාවතගම ප‍්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙකි.

Read more

Local News