හෙඳ අනුස්ථාපන සහ සමායෝජන පුහුණුව අවසන් කළ උපාධිධාරින් 93 කට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

Share

හෙඳ අනුස්ථාපන සහ සමායෝජන පුහුණුව අවසන් කළ උපාධිධාරින් 93 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ,

හෙඳ උපාධිධාරීන් සඳහා වෙනම වැටුප් තලයක් නිර්මාණය කිරීම සඳහා යෝජනා ඇතුළත් අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර ඇති බවයි.

පත්වීම් ලිපි ප්‍රදානය පැවැත්වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,“හෙඳ හෙඳියන්ට උපාධියක් ලබාදීමේ සටන ආරම්භ කළේ, 2002 එක්සත් ජාතික පක්ෂ රජය සමයේයි. ඒ සදහා කැබිනට් අනුකාරක සභාවක් ද පත් කළා. රුපියල් සත වලට අරගල නොකර උපාධිය හිමිකර ගත යුතු බවයි මම පෙන්වා දුන්නේ. වෘත්තීයවේදීන්ට සංවර්ධිත රටවල දී වැඩි වැටුප් හිමි වෙනවා. මෙම යෝජනාවට වෛද්‍ය සංගම් විරෝධය පළ කළත් අද වන විට එම විරෝධතා අවසන් වී තිබෙනවා. හෙද හෙදියන් 38000 ක් අවශ්‍ය වුවත්, දැනට සිටින්නේ 31000 ක් පමණයි. හෙඳ හෙඳියන් වැඩි කිරිම සදහා හෙඳ පාසල් 04 ක් ද සංවර්ධනය කරනවා. හෙඳ උපාධිධාරීන් 2000 බැගින් පුහුණු කිරීමේ අරමුණින් කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හෙඳ පීඨයක් ආරම්භ කර තිබෙනවා.”

Read more

Local News