ජනපතිගේ චීන සංචාරයේ අවසන් දිනය අදයි

Share

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක සිය සංචාරයේ සාර්ථක අවසන් දිනය සනිටුහන් කරමින් අද (17) දිනයේ චීනයේ චන්දු ප්‍රදේශයේ විද්‍යුත් නිෂ්පාදන කර්මාන්ත ශාලා කිහිපයක් නැරඹීමට නියමිතයි.

ඉන් අනතුරුව දුප්පත්කම තුරන් කිරීම සම්බන්ධයෙන් වන ආදර්ශ ගම්මානයක් නැරඹීමට සැලසුම් කර තිබෙනවා.

චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් ප්‍රාන්තයේ ලේකම් වං ෂියාඕන්වෙයි (Wang Xiaohui) හමුවන ජනාධිපති අනුර කුමාර දිසානායක අද පස්වරුවේ ජාතික විද්‍යා, තාක්ෂණ හා කෘෂිකර්ම මධ්‍යස්ථානය නැරඹීමට ද නියමිතයි.

Read more

Local News