යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ ප්‍රදේශය ස්කෑන් පරීක්ෂාවකට ලක් කෙරේ

Share

යාපනයේ චෙම්මනි සුසාන භූමිය ආසන්නයේ ඇති සමූහ මිනීවළ ප්‍රදේශය ස්කෑන් කිරීමකට ලක් කර තිබෙනවා. මෙය සිදු කර ඇත්තේ යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ අනුමැතිය මත, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ විශේෂඥ කණ්ඩායමක් විසිනි.

මෙම ස්කෑන් පරීක්ෂාවේ අරමුණ වූයේ, දැනටමත් අස්ථි කොටස් හමුවී ඇති ස්ථානයේ තවත් මිනිස් අස්ථි තිබේද යන්න සොයා බැලීමයි. පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ, එම ප්‍රදේශයේ තවදුරටත් අස්ථි කොටස් පවතින බවයි. මානව හිමිකම් කොමිෂන් සභාවේ නියෝජිතයින් පිරිසක්ද මෙම පරීක්ෂණයට එක්ව සිටියා.

මේ දක්වා, මෙම සමූහ මිනීවළෙන් මිනිස් සිරුරු 130ක පමණ අස්ථි කොටස් හමුවී ඇති අතර, ඉන් 120කගේ පමණ කොටස් ගොඩගෙන තිබෙනවා.

සමූහ මිනීවළෙන් හමුවූ, මිනිස් අස්ථි නොවන අනෙකුත් ද්‍රව්‍ය මහජන ප්‍රදර්ශනයක් සඳහා අද පස්වරුවේ තැබීමට නියමිතයි.

Read more

Local News