දීපවාලී දිනය අදයි

Share

දීපාවලිය හින්දු භක්තිකයන්ගේ සශ්‍රීකම සහ වැදගත්ම සංස්කෘතික උළෙල ලෙස අදට (20) යෙදී තිබෙනවා.

පහන් මාලා දල්වා ආලෝකයෙන් සැරසීම දීපාවලී සැමරීමේ විශේෂ සිරිතක්. විෂ්ණු දෙවියන් විසින් නරගාසුර නම් අසුරයා පරාජය කිරීමේ සිදුවීම දීපාවලී උත්සවය සැමරීමට ප්‍රධාන නිමිත්ත ලෙස සැලකෙනවා. එමෙන්ම, මෙය අධර්මය පරදා ධර්මය ජයගත් දීප්තිමත් දිනයක් ලෙසත් හඳුන්වනවා.

හින්දු බැතිමතුන් මහත් බැතියෙන් දේව වන්දනයේ නිරත වන අතර, පහන් දැල්වීම, කෝලම් ඇඳීම සහ පොංගල් බත් බෙදාදීම මෙම දිනයේදී සිදු කරයි.

වේද සාහිත්‍යයට අනුව, තමාට මෙන්ම සෙසු ලෝකවාසීන්ටද ආලෝකය දැකීමට ඉඩ සලසන්නැයි නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවිඳුන්ගෙන් ඉල්ලා සිටියේය.

සියලු දෙනාගේ සිත් තුළ ආලෝකය පැතිරේවායි යන ඒකායන ප්‍රාර්ථනය පෙරදැරි කර ගනිමිනුයි හින්දු බැතිමතුන් අද ආගමික වතාවත්වල නිරත වන්නේ. ඔවුන් මියගිය ඥාතීන් සිහිපත් කරමින් කෝවිල්වලට ගොස් ගිතෙල් පහන් දල්වා, රසකැවිලි අනුභව කරමින් සතුටින් මේ දිනය සමරනු ලබනවා.

Read more

Local News