බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි – ධීවරයින්ට අනතුරු ඇඟවීම්

Share

අද (24) දින පෙ.ව. 5.30 වන විට, ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක වර්ධනය වී ඇත. එම පද්ධතිය ඉදිරි පැය 24 තුළ, තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දිශාවට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. නැවත දැනුම් දෙනතුරු, උතුරු අක්ෂාංශ 05 ත් 18 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 95 ත් අතර මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුුතු වලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ. මේ වනවිට එම ප්‍රදේශයේ ධිවර කටයුුතු කරමින් සිටී නම් ඔක්තෝම්බර් 25 දිනට පෙර එම මුහුදු ප්‍රදේශ වලින් ඉවත්වන ලෙසත් උපදෙස් දෙනු ලැබේ.


පහත සිතියදම් ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත තද වැසි ඇතිවන අතර, සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (55-65) දක්වා වැඩිවීමත් සමඟ එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකිය. කන්තකසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුුවල යෙදෙන ප්‍රජාව, මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News