ආසියා-පැසිෆික් ඉහළ මට්ටමේ මාධ්‍ය සංසදය පැවැත්වේ

Share

ආසියා-පැසිෆික් ඉහළ මට්ටමේ මාධ්‍ය සංසදය ඊයේ
(5) චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේදී ආරම්භ කෙරිණ. එම සංසදයේ ප්‍රධාන තේමාව වන්නේ “ආසියා-පැසිෆික් ප්‍රජාවේ පොදු සමෘද්ධිය සඳහා මාවතක් ගොඩනැගීම: මාධ්‍ය සම්මුතිය සහ ක්‍රියාමාර්ග” යන්නයි. රටවල් හා කලාප 40කට වැඩි සංඛ්‍යාවකින් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජගත් සංවිධානවලින් පැමිණි නියෝජිතයෝ 400කට වැඩි දෙනෙක් එම සංසදයට එක්වූහ.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, එම සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ලි ෂු ලෙයි මහතා සංසදයේ සමාරම්භක උත්සවයට එක් වෙමින් ප්‍රධාන දේශනය සිදු කළේය.
ආසියා-පැසිෆික් පොදු හවුල්කාරිත්වයක් ‍ගොඩ නැගීම වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ යෝජනා අගය කරමින් සංසදයට එක්වූ නියෝජිතයින් කියා සිටියේ ආසියා-පැසිෆික් ආර්ථික විවෘතභාවය නිර්මාණය කිරීම හා ආසියා-පැසිෆික් කලාපයේ පොදු සමෘද්ධිය සඳහා චීන ජනපතිගේ එම යෝජනා වැදගත් මගපෙන්වීමක් වන බවයි. එසේම ආසියා-පැසිෆික් කලාපයේ සංවර්ධනය හා සහයෝගිතාව වෙනුවෙන් එම කලාපයේ මාධ්‍ය සහභාගිත්වය ද අත්‍යවශ්‍ය බව ඔවුන් පෙන්වා දී තිබේ.

Read more

Local News