ඇමරිකාවේ Amazon භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා අනතුරේ ගුවන් ගමන් දත්ත පටිගත කිරීමේ උපකරණ සොයාගැනේ

Share

Miami ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අනතුරට පත්වූ Amazon භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ Flight Recorders පරීක්ෂකයන් විසින් සොයාගෙන තිබේ. එහෙත් මේ වන විට ප්‍රමුඛතාව ලබාදී ඇත්තේ අනතුරින් මියගිය පුද්ගලයන්ගේ සිරුරු සොයා ගැනීමට බව එරට ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය (NTSB) පවසයි.

21 Air සමාගම විසින් මෙහෙයවන ලද Boeing 767-300 ගුවන් යානය ඉරිදා දහවල් 2.00ට පමණ ධාවන පථයෙන් ඉවතට පැනීමෙන් මෙම අනතුර සිදුවිය. අනතුරින් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස්, තවත් පස්දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ. ගුවන් යානය ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ තිබූ වාහන දෙකක ද ගැටී ඇත. NTSB සභාපති Jennifer Homendy සඳහන් කළේ අනතුරට හේතුව පිළිබඳව මේ අවස්ථාවේදී කිසිදු නිගමනයකට පැමිණීමට තවමත් කල් වැඩි බවයි. පරීක්ෂණය තවමත් කරුණු සොයාගැනීමේ අදියරේ පවතින බව ඇය පැවසුවාය.

Read more

Local News