ජපානයේ අරමුදල්වලින් Chornobyl න්‍යෂ්ටික බලාගාරයේ සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් නිම කරයි

Share

උතුරු යුක්‍රේනයේ පිහිටි Chornobyl න්‍යෂ්ටික බලාගාරයේ මහා පරිමාණ සූර්ය බලශක්ති බලාගාරයක් ජපාන රජයේ මූල්‍ය සහාය යටතේ ඉදිකර අවසන් කර තිබේ. 1986 වසරේ ඉතිහාසයේ දරුණුතම න්‍යෂ්ටික ව්‍යසනයකට මුහුණ දුන් Chornobyl බලාගාරයට ස්ථාවර විදුලි සැපයුමක් සහතික කිරීම මෙම නව සූර්ය බලශක්ති පහසුකමේ අරමුණයි. සූර්ය බලශක්ති බලාගාරය නිම කිරීම සනිටුහන් කරමින් බදාදා උත්සවයක් පැවැත්විණි. එය 1986 ව්‍යසනයේදී දැවැන්ත පිපිරීමකට ලක් වූ අංක 4 ප්‍රතික්‍රියාකාරකය ආසන්නයේ ඉදිකර තිබේ.
රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු බලාගාරය අවස්ථා කිහිපයකදී ප්‍රහාරවලට ලක්ව තිබේ.
2025 පෙබරවාරි මාසයේදී අංක 4 ප්‍රතික්‍රියාකාරකය ආවරණය කර ඇති ගෝලාකාර ආරක්ෂිත ව්‍යුහයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය. 1986 ව්‍යසනයෙන් නිකුත් වූ විකිරණශීලී ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා මෙම ආරක්ෂිත ආවරණය ඉදිකර තිබේ.

Read more

Local News