ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ ඇරයුම පරිදි සිංගප්පූරු අග්රාමාත්ය ලී සියෙන් ලූන්ග් මහතා මේ මස 22 වැනිදා සිට 24 වැනිදා දක්වා ශ්රී ලංකාවේ නිල සංචාරයක නිරත වෙයි.
සිංගප්පූරු අග්රාමාත්යවරයා ජනවාරි 23 වැනි දින උදෑසන නිල හමුදා උත්තමාචාර සහ ආචාර වෙඩිමුර සහිතව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිළිගනු ලබන අතර ඉන් අනතුරුව ඔහු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාද හමුවීමට නියමිතයි.
වසර දහතුනකට පසුව සිංගප්පූරු අගමැතිවරයකු මෙලෙස ශ්රී ලංකාවේ නිල සංචාරයක නියැලෙයි.