විදෙස් ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

Share

ඊයේ(28) දින සවස අහුංගල්ල පොලිස් වසමේ බලපිටිය ප්‍රදේශයේදී ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

අහුන්ලගල්ල පොලිස් ස්ථානයේ හා ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරින් එක්ව සිදුකළ වැටලීමක දී අදාළ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර එහිදී සැකකරු සතුව තිබී ස්පාඤ්ඤයේ නිෂ්පාදිත ගිනි අවියක් සහ හිස් කොපුවක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 34 හැවිරිදි බලපිටිය, ගොරකගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකරු දකුණු ඔහු අද (29) බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Read more

Local News