බදුල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගීන් ඉහළට

276

බදුල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාව පසුගිය දින තුන තුළදී සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙන බව වාර්තා වෙයි.

 

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ මහියංගනය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලා දෙකක් ආශ්‍රිතව වන අතර මහියංගනය ගැමුණුපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් මේ වන විට ආසාදිතයින් 65ක් හඳුනාගෙන තිබේ.

එම කර්මාන්ත ශාලාවේ සේවකයින් 2500කට අධික පිරිසක් රැකියාවේ නිරතවන අතර PCR සහ 300කින් පමණ මෙම ආසාදිතයින් සංඛ්‍යාව හඳුනාගෙන තිබුණි.

ඒ අනුව අද දිනයේදී එම කර්මාන්ත ශාලාව ආශ්‍රිතව PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 200ක් පමණ සිදුකිරීමට නියමිතයි.

එමෙන්ම ,මහියංගන ප්‍රදේශයේ තවත් ඇඟලුම් කර්මාන්ත ශාලාවකින්ද ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගෙන තිබෙන අතර එම කර්මාන්තශාලා දෙකෙන් මේ වන විට හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 75ක්.

Previous articleමෙරට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ නිලධාරීන් හැට දහසකට කොවිඩ් එන්නත ලබා දී අවසන්
Next articleදුම්රිය මැදිරි දේශීයව නිෂ්පාදනයට කැබිනට් අනුමැතිය