පුංචි ලෝකාන්තයට දැමූ තහනම

Share

ලෝකාන්තයේ පවතින අනාරක්ෂික භාවයට තාවකාලික විසඳුමක් වශයෙන් එම භූමියේ කූඩාරම් ඉදිකිරීම සංචාරකයින්ට තාවකාලිකව තහනම් කර තිබේ.

 

පසුගියදා ලෝකාන්තයේ රාත්‍රී කාලයේ කූඩාරම් ඉදිකර එහි විනෝදවෙමින් සිටි පිරිසක් අතරින් පුද්ගලයකු ප්‍රපාතයට ඇදවැටී සිටියදී දින තුනකට පසු යුද හමුදාව විසින් ඔහුගේ සිරුර සොයාගැනීමත් සමග එහි අනාරක්ෂික භාවයට තාවකාලික විසඳුමක් ලෙස මෙම තීරණය ගෙන ඇත.

ලෝකාන්තය නැරඹීම සදහා වීදුරු සහිත නැරඹුම් මැදිරි හා ආරක්ෂිත වැටක් සවිකර සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් ස්ථාපිත කරන තෙක් රාත්‍රී කූඩාරම් ඉදිකර විනෝදවන සංචාරකයින්ට ප්‍රාදේශීය සභාව මගින් මෙලෙස තහනමක් පනවා ඇති බව වාර්තා වෙයි.

Read more

Local News