ජාතික සාහිත්‍ය උත්සවය – 2018 අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
ඒ අද (05) පෙ.ව.10.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දීය.
අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙවර ජාතික සාහිත්‍ය උත්සවය සංවිධානය කරනු ලබයි.