ගිරිඋල්ල අතුරුවල ප්‍රදේශයේදී යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් ආ ලොරි රථයක ගැටීමෙන් එක් අයකු මිය ගොස් තවත් අයකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.
යතුරු පැදියේ ගමන් ගෙන ඇත්තේ මවක සහ පුතෙකි. අනතුරින් මව මියගොස් ඇති අතර තුවාල ලැබූ පුතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.
ලොරි රථය වැරදි ආකාරයට වෙනත් වාහනයක් ඉස්සර කරද්දී මේ අනතුර සිදුවී ඇත.